REQUIRED TO AGREE OUR

Terms and Condtions

Updated on 31-09-2019 at 1.20pm

Successadd.com වෙබ් අඩවිය සමග සම්බන්ධ වන ඕනෑම පරිශීලකයෙකු, ආයතනයේ Terms and Conditions හොදින් කියවා බලා නිසි අවබෝධයකින් යුතුව එහි සදහන් කොන්දේසිවලට එකගවන්නේ නම් පමණක් අප වෙබ් අඩවියේ ලියාපදිංචි වී සාමාජිකත්වය ලබා ගත යුතුය.

තවද සියලුම සාමාජිකයන් ආයතනයේ Terms and Conditions පිළිබදව නිසි අවබෝධයකින් යුක්ත වන බව ආයතනය විසින් සලකනු ලබන බවත් කිසිදු පෙර දැනුවත් කිරීමකින් තොරව වුවද ආයතනයේ අවශ්‍යතාවය පරිදි එම කොන්දේසි වෙනස් කිරීමට අප ආයතනයට හැකියාව සහ අයිතිය පවතින බවත් අප ආයතනයේ ලියාපදිංචි සාමාජිකයන් සියලු ‍දෙනාටම එය අදාල වන බවත් සියලුම සාමාජිකයන් හොදින් දැන ගත යුතුය.

එකඟතා ගිවිසුම් පත්‍රයයි

  1. සමාගමේ සාමාජිකත්වය ලබා ගැනීම
  2. මින් ඉදිරියට ප‍ළමු පාර්ශවකාර සමාගම යැයි කියනු ලබන සක්සස් ඇඩ් මීඩියා පුද්ගලික සමාගම (SuccessAdd Media Pvt Ltd) හරහා ආදායම් ලබා ගැනිමට නම් දෙවන පාර්ශවකරු වන සාමාජික ඔබ, පළමු පාර්ශවකාර සමාගමේ සාමාජිකත්වය ලබාගත යුතු අතර, සාමාජිකත්වය ලබාගැනීමට නම් වයස අවුරුදු 16 ට වඩා වැඩිවිය යුතු බව හොඳින් දනිමින් ඊට එකග විය යුතුය.

    එක් පුද්ගලයෙක් සදහා සෑදිය හැකි වන්නේ එක් පරිශීලක ගිණුමක් පමණක් බව දෙවන පාර්ශවය හොදින් දැන ගත යුතුය.

    පළමු පාර්ශවකාර සමාගමේ සාමාජිකත්වය ලබා ගැනීම සදහා දෙවන පාර්ශවකරු විසින් කිසිදු මුදලක් පළමු පාර්ශවකාර සමාගමට ගෙවීමට සිදු නොවන බව දෙපාර්ශවයම හොඳින් දනිමින් ඊට එකඟ විය යුතුය.

    පළමු පාර්ශවකාර සමාගමේ සමාජිකත්වය ලබා ගැනීමට අවශ්‍ය ඕනෑම අයෙකුට එම අවස්ථාවේදීම සමාගම් වෙබ් අඩවියේ තමා නමින් පරිශීලක ගිණුමක් සාදා ගැනීමට හැකියාව ඇති බව දෙවන පාර්ශවය හොදින් දැනගත යුතුය.

    සාර්ථකව පළමු පාර්ශවාකාර සමාගමේ ලියාපදිංචිය ලබා ගන්නා සාමාජිකයන් වෙත ඔවුන් විසින් ලියාපදිංචි වීමේදී ඇතුලත් කරන ලද දුරකතන අංකයට සාමාජිකත්වය තහවුරු කරන ලද කෙටි පණිවිඩයක් (SMS) පළමු පාර්ශවකාර සමාගම හරහා ලැබෙන බවත් එලෙස ලැබෙන කෙටි පණිවිඩයේ සදහන් අංකය(Verification Code) ඇතුලත් කිරීමෙන් පමණක් පළමු පාර්ශවාකාර සමාගමේ සාමාජිකත්වය ලබා ගත හැකි බවත් දෙවන පාර්ශවකරු හොදින් දැන ගත යුතුය.

    ගිණුම සාදන අවස්ථාවේදී සත්‍ය තොරතුරු ලබා දෙමින් ගිණුම සෑදීමට දෙවන පාර්ශවය බැදී සිටින අතර යම් අතපසුවීමකින් වැරදි තොරතුරක් ලබා දුන්නේ නම්, සමාගම හරහා Points උපයා ගැනීමට ප්‍රථම පළමු පාර්ශවකාර සමාගම දැනුවත් කිරීමෙන් අනතුරුව එය නිවැරදි කර ගැනීමට (edit කර ගැනීමට) අවස්ථාව පවතින බව දෙවන පාර්ශවය හොදින් දැනගත යුතුය. Points උපයා ගත් පසුව ගිණුමේ ලබා දී ඇති තොරතුරු වෙනස් කරන්නේ නම්, එම අවස්ථාව දක්වා උපයා ගෙන ඇති Points සියල්ලම 0 වන බවද දෙවන පාර්ශවය හොදින් දැන ගත යුතුය.

    දෙවන පාර්ශවය විසින් පරිශීලක ගිණුම සාදන අවස්ථාවේදී තම අනන්‍යතාවය තහවුරු කළ යුතුය. ඒ සදහා ජාතික හැදුනුම්ප‍තේ, රියදුරු බලපත්‍රයේ හෝ ගුවන් ගමන් බලපත්‍රයේ දෙපස පැහැදිලි ඡායාරූප දෙකක් අදාල ස්ථානයේ Upload කල යුතුය.

    දෙවන පාර්ශවය විසින් Upload කරන ලද ජාතික හැදුනුම්ප‍තේ, රියදුරු බලපත්‍රයේ හෝ ගුවන් ගමන් බලපත්‍රයේ ‍සදහන් තොරතුරු, දෙවන පාර්ශවකරුගේ පරිශීලක ගිණුමේ සදහන් තොරතුරු සමග සංසන්දනය කොට, නිරවද්‍යතාවය සලකා බලා, වැඩ කරන පැය 72ක් ඇතුලත එම පරිශීලක ගිණුම තහවුරු කිරීමට(Verify කිරීමට) පළමු පාර්ශවාකාර සමාගම බැදී සිටිය යුතුය.

    දෙවන පාර්ශවය විසින් තම අනන්‍යතාවය තහවුරු කිරීම සදහා භාවිතා කරන ලද ජාතික හැදුනුම්ප‍තේ, රියදුරු බලපත්‍රයේ හෝ ගුවන් ගමන් බලපත්‍රයේ ‍සදහන් තොරතුරු, දෙවන පාර්ශවකරුගේ පරිශීලක ගිණුමේ සදහන් තොරතුරු සමග නොගැලපේ නම් ඒ බව පළමු පාර්ශවාකාර සමාගම විසින් දෙවන පාර්ශවය දැනුවත් කළ යුතුය.

    පරිශීලක ගිණුම සෑදීමේදී දෙවන පාර්ශවයට යම් කිසි ප්‍රශ්ණයක් ඇති වුවහොත් (නොතේරෙන යමක් ඇත්නම්) තම ප්‍රශ්ණය විසදා ගැනීමට www.successadd.com යන වෙබ් අඩවියෙහි ඇති FAQ Click කිරීම තුළින් පිළිතුරු ලබා ගත හැකි බව (අවබෝධයක් ලබා ගැනීම සදහා) දෙවන පාර්ශවය හොදින් දැන ගත යුතුය.

    දෙවන පාර්ශවකරු විසින් පලමු පාර්ශවාකාර සමාගමේ වෙබ් අඩවියට(www.successadd.com) අඛණ්ඩව දින 45ක් තුළ Login වී නොමැති නම් ඔහුගේ/ ඇයගේ ගිණුම දැනුවත් කිරීමකින් තොරව අක්‍රීය කිරීමට ‍පළමු පාර්ශවකාර සමාගමට අයිතිවාසිකම ඇති බව දෙවන පාර්ශවකරු හොදින් දැන ගත යුතුය.

  3. දැන්වීම් නැරඹීම
  4. දිනපතා ව්‍යාපාරිකයන්ගෙන් ලැබෙන වෙළඳ දැන්වීම් ප්‍රමාණය සමාගමේ සාමාජිකත්වය ලබන සියලුම පරිශීලකයන්ට නැරඹීමට හැකියාව ඇති බව දෙවන පාර්ශවකරු විසින් හොදින් දැන ගත යුතුය.

    පළමු පාර්ශවකාර සමාගමේ වෙබ් අඩවියේ දිනපතා පලවන වෙළද දැන්වීම් නැරඹීම මගින් දිනපතා මුදල් උපයා ගැනීමට දෙවන පාර්ශවයට හැකියාව ඇති බව දෙවන පාර්ශවය හොදින් දැන ගත යුතුය.

    දෙවන පාර්ශවකරු විසින් පරිශීලක ගිණුම සාදා ගත් අවස්ථාවේ සිට පළමු පාර්ශවාකාර සමාගම් වෙබ් අඩවියේ පල වන දැන්වීම් නැරඹීමට හැකියාව ඇති බව දෙවන පාර්ශවය හොදින් දැන ගත යුතුය. (පළමු පාර්ශවකාර සමාගම විසින් දෙවන පාර්ශවකරුගේ පරිශීලක ගිණුමේ නිවැරදි බව තහවුරු කරන තුරු(Verify කරන තුරු) සිටීමට අවශ්‍ය නොවේ.)

    පළමු පාර්ශවකාර සමාගම විසින් දෙවන පාර්ශවකරු වෙත ලබා දෙන වෙළඳ දැන්වීම් (වීඩියෝ සහ බැනර්) ප්‍රමාණය ව්‍යාපාරිකයාගේ අභිමතය පරිදි දිස්ත්‍රික්කය අනුව, Views ප්‍රමාණය අනුව වර්ගීකරණය කොට දැන්වීම් පල කරන නිසා සාමාජිකයන්ට නැරඹීමට හිමි වන දැන්වීම් ප්‍රමාණය සාමාජිකයාගෙන් සාමාජිකයාට වෙනස් විය හැකි බව දෙවන පාර්ශවය හොදින් දනිමින් ඊට එකග විය යුතුය.

    තවද ව්‍යාපාරිකයා අපේක්ෂා කරන views ප්‍රමාණය සම්පුර්ණ කළ පසු, දෙවන පාර්ශවකරු විසින් එම දැන්වීම(වීඩියෝ සහ බැනර්) view කළද, එම දැන්වීමට අදාල Points දෙවන පාර්ශවකරුගේ ගිණුමට එකතු නොවන බව හොදින් දනිමින් ඊට එකඟ විය යුතුය.

  5. දැන්වීම් සහ බැනර් නරඹා Points උපයා ගන්නා ආකාරය
  6. දෙවන පාර්ශවකරු තම පරිශීලක ගිණුමට ලැබෙන වෙළඳ දැන්වීම් නරඹා එය අන්තර්ජාලය ඔස්සේ තහවුරු කිරීමට (Claim Point) බැදී සිටින අතර එසේ කරන සෑම අවස්ථාවකදීම තම පරිශීලක ගිණුමට points එකතු වන බවත්, දෙවන පාර්ශවකරු ආදායම් ලැබීමට සුදුසුකම් ලබනුයේ තම පරිශීලක ගිණුමට ලැබෙන වෙළඳ දැන්වීම් නරඹා ඊට අදාල points රැස්කර ගැනීමෙන් අනතුරුව බවත්, දෙවන පාර්ශවකරු විසින් හොදින් දැන ගත යුතුය.

    වීඩියෝ දැන්වීමක් නැරඹීමෙන් අවමය ශත 75ක්ද, බැනරයක් නැරඹීමෙන් අවමය ශත 25ක්ද වශයෙන් උපයා ගත හැකි බවත්, දැන්වීම් නරඹා උපයා ගත හැකි උපරිම මුදලේ නිශ්චිත සීමාවක් නොමැති බවද දෙවන පාර්ශවකරු විසින් හොදින් දනිමින් ඊට එකඟ විය යුතුය. (Point 1=Rs. 1)

  7. උපයා ගත් Points ලබා ගත හැකි ආකාරය
  8. දෙවන පාර්ශවය විසින් පරිශීලක ගිණුම සාදන අවස්ථාවේදී තම අනන්‍යතාවය තහවුරු කර නොමැති නම්, පළමු පාර්ශවකාර සමාගම හරහා තමා උපයා ගත් මුදල් ලබා ගැනීමට ප්‍රථම තම අනන්‍යතාවය තහවුරු කළ යුතුය. ඒ සදහා ජාතික හැදුනුම්ප‍තේ, රියදුරු බලපත්‍රයේ හෝ ගුවන් ගමන් බලපත්‍රයේ දෙපස පැහැදිලි ඡායාරූප දෙකක් අදාල ස්ථානයේ Upload කළ යුතුය.

    දෙවන පාර්ශවය විසින් වීඩියෝ වෙළඳ දැන්වීම් නරඹා උපයා ගන්නා ලද Cash Points වටිනාකම 5000ක් වන සෑම අවස්ථාවකදීම, එම Points ප්‍රමාණය තම බැංකු ගිණුමට transfer කිරීම සදහා අදාල ක්‍රියාවලිය සිදු කිරීම මගින්(Transaction Form Fill කිරීම මගින්) පළමු පාර්ශවකාර සමාගම වෙත යොමු කිරීමට දෙවන පාර්ශවය බැදී සිටියි.

    තවද පළමු පාර්ශවකාර සමාගම හරහා දෙවන පාර්ශවය විසින් තම බැංකු ගිණුමට මුදල් ලබා ගන්නා සෑම අවස්ථාවකදීම ඊට අදාල බැංකු සේවා ගාස්තුව (Service Fee) තමා විසින් දැරිය යුතු බව දෙවන පාර්ශවය විසින් හොදින් දැන ගත යුතුය.

    දෙවන පාර්ශවය තමා විසින් උපයා ගත් Cash Points මුදල් ලෙස ලබා ගැනීම සදහා පළමු පාර්ශවය වෙත යොමු කළ පසු, එහි නිරවද්‍යතාවය සලකා බැලීමෙන් අනතුරුව වැඩ කරන දින 10ක් ඇතුලත එම points මුදල් බවට පත්කර දෙවන පාර්ශවකරුගේ බැංකු ගිණුමට බැර කිරීමට පළමු පාර්ශවාකාර සමාගම බැදී සිටින බව හොදින් දනිමින් ඊට එකග විය යුතුය.

    තවද පළමු පාර්ශවකාර සමාගම හරහා මුදල් ලබා ගැනීමට නම් පරිශීලක ගිණුමේ සදහන් නම, බැංකු ගිණුමේ සදහන්ව තිබීම අනිවාර්ය බව දෙවන පාර්ශවය හොදින් දැන ගත යුතුය (පරිශීලකයාගේ නමින් ඇති බැංකු ගිණුමට පමණී). පරිශීලක ගිණුමේ සදහන් නම සහ බැංකු ගිණුමේ සදහන් නම අතර වෙනස්කම් පවතී නම්, එම ගිණුමට පළමු පාර්ශවාකාර සමාගම හරහා මුදල් ලබා ගැනීමට කිසිදු හැකියාවක් නොමැති බව ‍දෙවන පාර්ශවය විසින් හොදින් දැන ගත යුතුය.

    දෙවන පාර්ශවය විසින් බැනර් නරඹා උපයා ගන්නා Reload Points, දුරකතන පෙර ගෙවුම් පහසුකම(Mobile Reload) ලබා ගැනීම සදහා පමණක් භාවිතා කළ හැකි බව හොදින් දනිමින් ඊට එකග විය යුතුය.

    පළමු පාර්ශවාකාර සමාගම විසින් ලබා දෙන්නේ දුරකතන පෙර ගෙවුම් පහසුකම(Mobile Reload) පමණක් වන අතර දුරකතන පසුගෙවුම් පහසුකම (Bill Payment) ලබා නොදෙන බව දෙවන පාර්ශවය විසින් හොදින් දැන ගත යුතුය.

    දුරකතන පෙර ගෙවුම් පහසුකම ලබා ගැනීම සදහා නිවැරදි දුරකතන අංකය සදහන් කළ යුතු අතර දෙවන පාර්ශවය විසින් සදහන් කළ සාවද්‍ය (වැරදි) දුරකතන අංක නැවත නිවැරදි කිරීමට අවස්ථාව ලබා නොදෙන බවත් ඊට අදාල දුරකතන පෙර ගෙවුම් පහසුකම(Mobile Reload) නැවත ලබා ගත නොහැකි බවත් දෙවන පාර්ශවය විසින් හොදින් දැන ගත යුතුය.

  9. උපයා ගත් Points භාවිතා කල හැකි ආකාරය
  10. දෙවන පාර්ශවය විසින් තමන් ගණුදෙනු කරනු ලබන ව්‍යාපාරික සහ සේවා ස්ථානවල දැන්වීම් පලමු පාර්ශවයේ වෙබ් අඩවියේ පල කිරීමේදී දැන්වීම සදහා අදාල මුදල ව්‍යාපාරික මහතුන්ගෙන් ලබා ගත හැකි බව දෙවන පාර්ශවකරු හොදින් දැන ගත යුතුය.

    ව්‍යාපාරික ස්ථානවලින් දැන්වීම් ලබා ගන්නා සෑම අවස්ථාවකදීම ප්‍රථමයෙන්ම ව්‍යාපාරික මහතුන්ගෙන් අදාල මුදල් රැගෙන, ඉන්පසුව පළමු පාර්ශවාකාර සමාගම වෙත Points මගින් ලබා දිය යුතු බව දෙවන පාර්ශවකරු හොදින් දැන ගත යුතුය.

    එලෙස ව්‍යාපාරික මහතුන්ගෙන් ලබා ගන්නා මුදල් සම්බන්ධයෙන් පළමු පාර්ශවාකාර සමාගම වග නොකියන බව දෙවන පාර්ශවකරු හොදින් දැන ගත යුතුය.

    දෙවන පාර්ශවය විසින් දැන්වීම් නරඹා උපයා ගත් Cash Points වලින් දැන්වීම සදහා අදාල මුදල පළමු පාර්ශවාකාර සමාගම වෙත ලබා දිය හැකි බව දෙවන පාර්ශවකරු හොදින් දැන ගත යුතුය.

    එසේ සිදුවන සෑම අවස්ථාවකදීම(දැන්වීම් ලබා ගැනීම සදහා) වැය වන Points වලින් 10%ක් නැවත තම Cash Points වලට එක් වන බව දෙවන පාර්ශවකරු හොදින් දැන ගත යුතුය.

    දෙවන පාර්ශවයට තම ගිණුම හරහා හිතවත් ව්‍යාපාරිකයන්ගේ SuccessAdd Business Panel වෙත තම Points ලබා දිය හැකි බවත් එම අවස්ථාවේදී වැය වන Points වලින් 10%ක් නැවත තම Cash Points වලට එක් වන බවත් දෙවන පාර්ශවකරු හොදින් දැන ගත යුතුය.

    තම ගිණුමෙන් ව්‍යාපාරිකයන් සමග ගණුදෙනු සිදුවන සෑම අවස්ථාවකදීම වැය වන Points වලින් 10%ක් නැවත තම Cash Points වලට එක් වන බව දෙවන පාර්ශවකරු හොදින් දැන ගත යුතුය.

    තමා යටතේ නව සාමාජිකයන් බදවා ගැනීම අනිවාර්ය නොවන බව දෙවන පාර්ශවකරු හොදින් දැන ගත යුතුය.

    දෙවන පාර්ශවකරුගේ SuccessAdd ලියාපදිංචි අංකය (User ID/Refer ID) යටතේ ලියාපදිංචි වූ සෑම නව සාමාජිකයෙකුම බැනර් නරඹා Mobile Reload පහසුකම ලබා ගන්නා සෑම අවස්ථාවකදීම එයට අදාලව දුරකතන සමාගම්වලින් පළමු පාර්ශවකාර සමාගමට ලැබෙන කොමිස් මුදල දෙවන පාර්ශවකරුගේ Cash Points වෙත බැර වන බව දෙවන පාර්ශවකරු හොදින් දැන ගත යුතුය.

    දුරකතන සමාගම්වලින් පළමු පාර්ශවාකාර සමාගමට ලබා දෙන කොමිස් මුදල දුරකතන සමාගමින් සමාගමට වෙනස් වන බව දෙවන පාර්ශවකරු හොදින් දැන ගත යුතුය.

  11. ගිවිසුමට එකග වීම
  12. යම් හෙයකින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ නීති/ අණ පනත්/ බදු රෙගුලාසි වලට යටත්ව ගිවිසුමේ සඳහන් කොන්දේසි වෙනස් වීම් සිදුවීමට හැකියාව ඇති බව දෙපාර්ශවයම හොදින් දනිමින් ඊට එකඟ විය යුතුය.