About Us

අප ගැන

නව විප්ලවයක් ආරම්භ වේ.ව්‍යාපාරික ප්‍ර‍ජාවගේ ආදායම් මට්ටම මෙන්ම ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවගේ ආර්ථික තත්වයද ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක වන්නා වූ දිවයිනේ ප්‍ර‍ථම හා එකම අන්තර්ජාල ප්‍ර‍චාරක සමාගමක් වන Success Add සමාගම මේ වන විට ශ්‍රී ලංකාව තුල ගම් නියම්ගම් පුරා සීඝ්‍රයෙන් ප්‍ර‍චලිත වෙමින් පවතී.

Success Addහි සුවිශේෂත්වය වන්නේ ව්‍යාපාරිකයාට තම වෙළෙඳ පණිවුඩය නිත්‍ය පාරිභෝගික පිරිසක් වෙත ගෙන යා හැකි වීම සහ ඒ ඔස්සේ තම ආර්ථික මටිටම නගා සිටුවා ගැනීමට පාරිභෝගික ජනතාවට හැකි වීමයි.

Success Addහි දැන්වීම් පල කිරීම සඳහා ව්‍යාපාරිකයාට සුළු මුදලක් වැයවන අතර තත්පර 10ක් වැනි සුළු කාලයක් එම දැන්වීම නරඹා පාරිභෝගික ඔබට අමතර ආදායමක් උපයා ගැනීමට හැකියාව ඇත.

දැක්ම (Vision)

අන්තර්ජාල දැන්වීම් ක්ෂේත්‍රයේ ප්‍ර‍මුඛයා වෙමින් ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවත්,ව්‍යාපාරික ප්‍ර‍ජාවත් යන දෙදෙනාම දිනවීම.

මෙහෙවර ප්‍ර‍කාශය (Mission)

ව්‍යාපාරිකයන් අපේක්ෂා කරන ප්‍ර‍ධාන අරමුණු දෙක වන පුළුල් ප්‍ර‍චාරණයක් ලබා ගැනීම හා ව්‍යාපාර ප්‍ර‍වර්ධනය (භාණ්ඩ අලෙවිය) කරදීම සහ සෑම පාරිභෝගිකයෙක්ම අපේක්ෂා කරන ආර්ථික වාසිය ලබා දීම තුලින් දෙදෙනා අතර පුළුල් අන්තර් සබඳතාවයක් ගොඩනගමින් දෙදෙනාම දිනවීම.

අපෙන් පාරිභෝගිකයා හට
  • සමාගම හා සම්බන්ධ ඕනෑම පාරිභෝගිකයෙකුටම තම අවශ්‍යතාවය අනුව භාණ්ඩ හා සේවා ලබා ගන්නා ස්ථානයන්හිදී වෙළෙඳපොලේ පවතින මිලට වඩා වට්ටම් ලබා ගැනීමට හැකියාව පැවතිම.
  • තම පරිශිලක ගිණුම හරහා උපයා ගන්නා ලද points අදාල වෙළෙඳ මධ්‍යස්ථානයට ලබා දී මුදල් වෙනුවට භාවිතා කිරීමේ හැකියාව.
  • උපයා ගන්නා ලද points භාවිතා කර තම ජංගම දුරකථනයට Reload දමා ගැනීමේ පහසුව.
  • තම පරිශිලක ගිණුම හරහා උපයා ගන්නා ලද points මුදල් බවට පත් කර ගැනීමේ හැකියාව.
  • සමාගම හා සම්බන්ධ පාරිභෝගිකයින්ට ආයතනය දැනුවත් කිරීමෙන් අනතුරුව, භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී තමන්ගේ රුචිකත්වය අනුව වෙළෙඳ ආයතනය තෝරා ගත හැකිවීම.
  • අවම වශයෙන් මාසික වියදමින් 5%ක ඉතිරියක් ලබා ගැනීමට හැකිවීම.
  • තනිවම ව්‍යාපාරය තුල නිරත වෙමින් ආදායම් ලබා ගැනීමේ හැකියාව.
  • Distributer Partnership 1ක් ලබා ගැනිමෙන් තම ආදායම වැඩිකර ගැනීමේ හැකියාව.
  • තමන් පරිභෝජනය කරන භාණ්ඩ හා සේවාවන් වල ගුණාත්මකභාවය පිළිබඳ ව්‍යාපාරිකයාව දැනුවත් කල හැකි වීම.
  • අපතේ යන කාලය මුදල් බවට පත්කර ගත හැකිවීම.
අපෙන් ව්‍යාපාරිකයා හට
  • පළාත අනුව,දිස්ත්‍රික්කය අනුව තෝරා ගත් ග්‍රාහක පිරිසක් වෙත තමන්ගේ වෙළෙඳ පණිවුඩය රැගෙන යා හැකි වීම.
  • නිත්‍ය වශයෙන්ම ආර්ථික වාසියක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටින පාරිභෝගිකයින් පිරිසක් වෙත තමන්ගේ වෙළෙඳ පණිවුඩය රැගෙන යා හැකි වීම.
  • ස්ථීර කාල සීමාවක් තුල නිසි අවධානයකින් යුතුව ග්‍රාහකයා වෙළෙඳ පණිවුඩය තුල රඳවා ගැනීමේ හැකියාව.
  • තමන්ගේ වෙළෙඳ දැන්වීම නැරඹූ ග්‍රාහකයා පිලිබඳ නිවැරදි විස්තර දැන ගැනීමේ හැකියාව.
  • පාරිභෝගිකයින් හරහා තමන්ගේ භාණ්ඩ හා සේවාවන් පිලිබඳ Research 1ක් කර ගැනීමේ අවස්ථාව උදා වීම.
  • තම ව්‍යාපාරය නමින් Facebook page 1ක් හෝ වෙබ් අඩවියක් තිබේ නම් එය වෙත පාරිභෝගිකයින් ගෙන යාමේ හැකියාව.
  • ව්‍යාපාරිකයා විසින් පාරිභෝගිකයා හට ලබා දෙන වට්ටම් ප්‍ර‍මාණය අනුව තම වෙළෙඳ ස්ථානයේ දෛනික ආදායම වැඩි කර ගැනීමේ හැකියාව.
  • විශේෂ ගණයේ වෙලෙඳ පණිවුඩයක් වුවත් ඉතා ඉක්මනින් පාරිභෝගිකයා අතරට ගෙනයාමේ හැකියාව.(Promotion)
  • සහනදායි මිලකට, පැකේජයන් කිහිපයක් යටතේ වෙළෙඳ ප්‍ර‍චාරණය සිදුකර ගත හැකි වීම